‘සුචී’ බෞද්ධ සහන පදනම වෙතින් ක්‍රියාත්මක කළ රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා 12 පාබල සේනාංකයේ දායකත්වය

2025 අප්‍රේල් මස 29 දින හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේදී පැවැත්වූ ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා 12 පාබල සේනාංකයේ භටපිරිස් සහභාගි වෙමින් සිය රුධිරය පරිත්‍යාග කළහ.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.එන් හේමරත්න RWP RSP psc ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් මෙම වැඩසටහනට සහභාගි වී සිය රුධිරය පරිත්‍යාග කළහ.

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් ලේ බැංකුවේ වෛද්‍ය කණ්ඩායම් මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.