ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් රිටි පැනීමේ නව ජාතික වාර්තාවක්

2026 ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා පැවති තේරීම් තරඟයන්හිදී රිටි පැනීමේ ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ. පුවිතරන් සමත් විය.

මෙම තරඟ ඉසව්ව 2026 මැයි මස 16 වන දින මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා පිටියේදී පැවති අතර, එහිදී ලාන්ස් කෝප්‍රල් ඒ. පුවිතරන් පෙර පැවති ජාතික වාර්තාව අභිබවා මීටර් 5.20 ක උස ප්‍රමාණයක් වාර්ථා කළේය.

(ඡායාරූප අනුග්‍රහය: ceylonathletics.com)