ඉන්දියානු නියෝජිත පිරිස සංඥා පුහුණු පාසලේ නිල සංචාරයක

මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය යුද්ධ හමුදා අතිරේක බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.කේ. සිං SM  ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය දූත පිරිස 2026 මැයි මස 15 වන දින සංඥා පුහුණු පාසල වෙත පැමිණියහ.

පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඩී.එම්.එස්. දිසානායක USP psc විසින් එම නියෝජිත පිරිස පිළිගනු ලැබූ අතර, පසුව එම පුහුණු පාසලේ පුහුණු කටයුතු පිළිබඳ කෙටි විස්තරයක් සිදුකරන ලදී. මෙහිදී දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය. අනතුරුව, 2018 දී ඉන්දීය හමුදාව විසින් පරිත්‍යාග කරන ලද සන්නිවේදන උපකරණ සංකීර්ණය ද නියෝජිත පිරිස නැරඹූහ. නිලධාරී නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයෙන් සහ සුහද සාකච්ඡාවකින් පසුව සංචාරයේ කටයුතු අවසන් විය.