17th May 2026
ජාතික රණවිරු සැමරුමට සමගාමීව රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද නැගෙනහිර පළාත් රණවිරු අනුස්මරණ උත්සවය 2026 මැයි මස 14 වන දින අම්පාර සටන් පුහුණු පාසල් රණවිරු අනුස්මරණ ස්මාරක පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අනුස්මරණ පෙළපාළියක් පවත්වන ලද අතර, ඉන් අනතුරුව රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ගෞරව දැක්වීම සඳහා පුෂ්පෝපහාර දැක්වීය.
ජාතිය වෙනුවෙන් උත්තරීතර කැපකිරීමක් කළ එම රණ විරුවන් වෙත උපහාර දැක්වීම සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන්, රජයේ නියෝජිතයින් සහ එම රණ විරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වූහ.