යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන යක්කල රණවිරු ඇපරල් ආයතනයේ නිල සංචාරයක

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක හා රණවිරු ඇපරල් කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc, 2026 මැයි මස 13 වන දින රණවිරු ඇපරල් ආයතනයේ පළමු නිල සංචාරය සිදුකරනු ලැබීය.

රණවිරු ඇපරල් ආයතනය වෙත පැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානව එම ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ඒ.ඩී.ජේ.ඩී. ගුණතිලක RSP USP විසින් පිළිගන්නා ලදී. පසුව, සේනාවිධායක විසින් රණවිරු ඇපරල් ආයතනයේ ඉතිහාසය, එහි වගකීම, නිෂ්පාදන කටයුතු සහ කර්මාන්ත ශාලාවේ කළමනාකරණ පද්ධතිය පිළිබඳව විස්තර කරන ලදී.

ඉන්පසුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙම සංචාරය සනිටුහන් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලද අතර, පසුව කර්මාන්ත ශාලාවේ සියලුම නිෂ්පාදන අංශයන්හි නිරීක්‍ෂන චාරිකාවකද විරත විය.

සංචාරය අතරතුරදී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී විසින් මෙම කර්මාන්ත ශාලාවේ ඵලදායිතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම් සහ උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම, යුද්ධ හමුදාවේ සියලුම නිලයන්ගේ නිල ඇඳුම් අවශ්‍යතා සපුරාලීම සඳහා නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් උසස් තත්ත්වයේ නිල ඇඳුම් සැපයීම සඳහා කර්මාන්ත ශාලාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දෙන බවත් එහිදී ප්‍රකාශ කරනු ලැබීය.