14th May 2026
ඉසිපතන විද්‍යාලයේ පැවැති උපහාර උළෙල සහ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc 2026 මැයි මස 14 දින සහභාගී විය.
ඉසිපතන විද්‍යාලය යනු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන අධ්‍යාපනය ලැබූ පාසල වන අතර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්රධානගේ චරිතය සහ නායකත්ව ගමන් මඟ හැඩගැස්වීමට මෙන්ම වර්තමානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි අත්කරගෙන සිටින සුවිශේෂී පෞරුෂය ගොඩනැගීම එම විද්‍යාලය ප්‍රධානතම කාර්යභාරයක් ඉටු කළේය.
විද්‍යාලය වෙත පැමිණි මාණ්ඩලික ප්‍රධාන, ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති දර්ශන උඩවත්තගේ මහතා විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, විද්‍යාලයීය නර්තන කණ්ඩායම විසින් උදෑසන පිළිගැනීමේ උත්සවයක් පවත්වන ලදී. අනතුරුව එහිදී, විද්‍යාලයීය ශිෂ්‍ය භට බලකායේ ශිෂ්‍ය භටයන් විසින් සම්මාන මුරයකින් ගෞරවය පිරිනමන ලදී.
අනතුරුව, මාණ්ඩලික ප්‍රධාන ශිෂ්‍ය නායකයන්ගේ නිල ලාංඡන පැළඳවීමේ මහෝත්සවය සඳහා සහභාගී වූ අතර, එහිදී විද්‍යාලයීය නර්තන කණ්ඩායම සහ සංස්කෘතික කණ්ඩායම විසින් මාණ්ඩලික ප්‍රධාන නැවත වරක් පිළිගනු ලැබීය. සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් සහ ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කරමින් ශිෂ්‍ය නායකයන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ කටයුතු ආරම්භ කරන ලදී.
උත්සවය අතරතුර සිසුන් ඇමතූ මාණ්ඩලික ප්‍රධාන, පාසල් ශිෂ්‍ය නායකයෙකුගේ වගකීම් සහ නායකත්ව ගුණාංග පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය. එමෙන්ම අධ්‍යාපන කටයුතු, සරඹ සහ ක්‍රීඩා යන අංශවලින් විශිෂ්ටත්වය කරා ළඟා වීමට නිරන්තරයෙන් කැපවන ලෙස ඔහු සියලු සිසුන් දිරිමත් කළේය. සිය කතාව අවසානයේදී, ඉසිපතන විද්‍යාලය නියෝජනය කරමින් හමුදාවේ ඉහළ තනතුරක් දරන නිලධාරියෙකු ලෙස, මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීමට තමන්ට ආරාධනා කිරීම පිළිබඳව විදුහල්පතිතුමාටත්, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සියලුම සාමාජිකයන්ටත්, ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඇතුළු සියලු සිසුන්ටත් ස්තූතිය පුද කළේය.
ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය, ගුරුභවතුන්, සිසුන්, ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු ආදි සිසුන්, දෙමාපියන් සහ සිසුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.