13th May 2026
571 වන පාබල බලසේනාවට අයත් 16 බලඇණීය ගජබා රෙජිමේන්තුවේ සෙබළුන් විසින් ගල්ගමුව උතුර, මීගලැව ප්රදේශයේ පිහිටි උස්ගල සියඹලංගමුව වැවේ වැව් බැම්ම මත වැලි කොට්ට ඇතිරීමේ කටයුතු 2026 මැයි මස 11 දින සාර්ථකව නිම කරන ලදී.
මෙම වැඩසටහන වැව් බැම්ම ශක්තිමත් කිරීම සඳහාත්, එම ප්රදේශයේ පදිංචිකරුවන්ගේ සහ වගාබිම්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස ක්රියාත්මක කරන ලදී. එහිදී යුධ හමුදා සෙබළුන් විසින් වැව් බැම්ම මත වැලි කොට්ට 900ක් අතුරා මෙම කාර්යය සාර්ථකව නිම කරන ලදී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්රදේශයේ ගොවි සංවිධානවල සාමාජිකයන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.