6th May 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc 2026 මැයි මස 4 සහ 5 යන දෙදින තුළ 2 වන (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 11 වන (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත වුහ.
බලඇණි වෙත පැමිණි ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකව යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දැක්විය. පසුව පැළයක් රෝපණය කිරීම, කඳවුරු පරිශ්‍රයේ පහසුකම් නිරීක්ෂණය කිරීම සහ භට පිරිස් ඇමතීම මෙම සංචාරයන් අතරතුරදී, සේනාවිධායක විසින් සිදු කරන ලදී.
සේනාවිධායක භට පිරිස් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදාවේ ශක්තිය සහ මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා විනය මූලික පදනම වන බවත් අනාගත ප්‍රගතිය උදෙසා දැනුම වර්ධනය කරගැනීමේ වැදගත්කම සහ පෞද්ගලික ගැටලු විසඳා ගැනීමේදී නිසි ක්‍රියාපටිපාටීන් අනුගමනය කරන ලෙස ද නිලධාරීන් සහ සෙසු නිලයන් හට උපදෙස් ලබා දෙනු ලැබීය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.