24th April 2026
Shake Hand අභ්‍යාසයේ දෙවන අදියර 2026 අප්‍රේල් මස 26 දින සිට මැයි මස 10 දින දක්වා පාකිස්ථානයේ තර්බෙලා හි පිහිටි විශේෂ මෙහෙයුම් පාසලේදී පැවැත්වීමට නියමිතය. මෙම අභ්‍යාසයේ අරමුණ වන්නේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම හා වර්ධනය කිරීමයි.
නිලධාරීන් 08 දෙනෙකු සහ සෙසු නිලයන් 37 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම මෙම අභ්‍යාසයට සහභාගී වීම සඳහා 2026 අප්‍රේල් මස 23 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටින් පිටත්ව ගිය අතර, මෙම කණ්ඩායමට ගැමුණු හේවා බලකායේ ලුතිනන් කර්නල් ටී.එම්.ඩී. තෙන්නකෝන් RSP Lsc නායකත්වය ලබාදෙනු ලබයි. මෙම කණ්ඩායම පාකිස්ථාන හමුදාව සමඟ ඒකාබද්ධ පුහුණු සැසි මාලාවකට සහභාගී වීමට නියමිත අතර, එහිදී මෙහෙයුම් සූදානම ශක්තිමත් කිරීම, උපක්රමික ප්‍රවීණතාවය වර්ධනය කිරීම සහ විවිධ කැරලි මර්ධන අවස්ථාවන්හිදී අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් ක්‍රියා කිරීමේ හැකියාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කෙරේ.
141 පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් එච්.පී.ඩී.එස්. ගුණවර්ධන RSP ගුවන්තොටුපළට පැමිණ සිටි අතර, විදේශගත වන යුද්ධ හමුදා කණ්ඩායම වෙත සිය සුබපැතුම් පිරිනැමීය.