7th April 2026
වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.පී.පී. කරුණානායක ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 අප්‍රේල් මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විස්තරය පහත පරිදි වෙයි:
1992 නොවැම්බර් මස 08 කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක KDA - 10 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් කේ.පී.පී. කරුණානායක ජ්‍යෙෂ්ඨ නිලධාරි රත්මලාන, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1994 දෙසැම්බර් මස 16 දින ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026 ජනවාරි මස 03 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 අප්‍රේල් මස 14 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 12 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස කටයුතු කටයුතු කරනු ලබයි.
විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 7 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ කණ්ඩ භාර නිලධාරී, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පුහුණු අංශ උපදේශක, 11 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ කණ්ඩ භාර නිලධාරී, 11 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරී අණදෙන, යුද්ධ හමුදා පුහුණු පාසලේ උපදේශක, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 3 (ක්‍රියාන්විත), 7 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරී අණදෙන, රත්මලාන අතරමැදි කඳවුරෙහි මාණ්ඩලික නිලධාරී 2, 55 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 3 (ක්‍රියාන්විත), 19 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ දෙවන අණදෙන නිලධාරී, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ මාණ්ඩලික නිලධාරී, 68 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 (ක්‍රියාන්විත), 68 පාබල සේනාංකයේ කාර්යයේ නියුක්ත ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියාන්විත), යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී 1 (පාලන), 68 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1(පාලන සහ භඨ කාර්ය සම්පාදන) වැනි ධූරයන් හොබවන ලදී.
තවඳ, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළදී, 9 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, කටුකුරුන්ද 17 A කලාප අණදෙන නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1(අතිරේක), යුද්ධ හමුදා ආධුනිකයන් බඳවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සේනාවිධායක, 56 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මණ්ඩලික නිලධාරී), 562 පාබල සේනාංකයේ කාර්යයේ නියුතු බලසේනාධිපති, 662 පාබල සේනාංකයේ බලසේනාධිපති, 581 පාබල සේනාංකයේ බලසේනාධිපති, රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ, ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් (ප්‍රධාන මාණ්ඩලික නිලධාරී) සහ 12 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති ධූරයන් ද හොබවන ලදී.
එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව, මූලික ප්‍රගුණ වෙඩිකරු පාඨමාලාව, කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, නිලධාරීන් සඳහා වූ ඒකක ගිණුම් පාඨමාලාව, ඒකක පුහුණුකරුවන්ගේ පාඨමාලාව, මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය සහ මානව හිමිකම් උපදේශක පුහුණු පාඨමාලාව, හමුදා නිරීක්ෂක සහ මාණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ උපායික පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව,ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව වැනි දේශීය හා විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.
එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය (ආරක්ෂක අධ්‍යයන), 2014 දී ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් පවත්වන ලද ජාතික උපදේශන ඩිප්ලෝමාවක් ලබාගෙන ඇත.