යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව සිය 145 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 145 වන සංවත්සරය එම බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc ගේ මඟ පෙන්වීම යටතේ 2026 අප්‍රේල් මස 2 වන දින පවත්වනු ලැබීය.

සංවත්සර උත්සවයට සමගාමීව, 2026 මාර්තු මස 29 වන දින සඳ සෙවන වැඩිහිටි නිවාසයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී. එමෙන්ම, 2026 අප්‍රේල් මස 1 වන දින බෝධි පූජා පිංකමක් පවත්වනු ලැබීය. ඉන් පසුව අප්‍රේල් මස 02 වන දින සියලු නිල දිවා ‍භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.