23rd March 2026
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් කේ.ඩී.යූ. කරුණාරත්න RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2026 මාර්තු මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුබ පැතුම් පිරිනමන ලදී.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි පරන්තන් ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී 1997 ජනවාරි මස 09 වන දින එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් තුවාල ලැබීය. එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරි දරුණු ලෙස තුවාල ලබා ශරීරයේ පහළ කොටස අප්‍රාණික තත්ත්වයට පත් විය.
ජාතිය වෙනුවෙන් සිදුකරනු ලැබූ කැපවූ සහ කීර්තිමත් සේවය අගයමින්, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරල් තනතුරට උසස් කර ඇත.