23rd March 2026
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පවත්වනු ලැබූ කැරලි මර්ධන භට කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලා අංක 1 - හයිටි (අදියර I) 2026 මාර්තු මස 18 වන දින අවසන් කරන ලදී.
හයිටි රාජ්‍යයේ සංකීර්ණ සහ අධි අවදානම් සහිත පරිසරයක් තුළ එක්සත් ජාතීන්ගේ නියෝගයක් යටතේ එම රාජකාරීන් ඵලදායී ලෙස සිදුකිරීමට අවශ්‍ය දැනුම ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලාව පවත්වන ලදී. මීට අමතරව, එරට ජනතාව සහ බලධාරීන් සමඟින් පහසුවෙන් කටයුතු කිරීම සඳහා ප්‍රංශ භාෂා පුහුණුවද මෙම පාඨමාලාවට ඇතුළත් කර ඇත.
සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක විසින් පාඨමාලාවේ සමාප්ති දේශනය සිදුකරමින් මෙම පාඨමාලාවේදී සියලුම සහභාගීවූවන් දක්වන ලද කැපවීම සහ උද්යෝගය අගය කරන ලදී.