23rd March 2026
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග RSP ndc psc ගේ මඟ පෙන්වීම යටතේ එම සේනාංකයේ 28 වන සංවත්සරය 2026 මාර්තු මස 18 වන දින සමරනු ලැබීය.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. ඉන්පසුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරී සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය.
පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි භටපිරිස් අමතමින්, සියලු නිලධාරීන් සහ සෙසුනිලයන් දැක්වූ කැපවීම සහ උනන්දුව අගය කළේය. එමෙන්ම සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහාද සහභාගී විය.
සංවත්සර සැමරුමට සමගාමීව, අනුරාධපුර, ශ්‍රී මහා බෝධිය අභියසදී ආගමික පිංකමක් ඇතුළුව පසුව කන්දසාමි කෝවිලේදී, ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී සහ වවුනියාව, ජුම්මා පල්ලියේදී සර්ව ආගමික වතාවත්ද සිදුකරන ලදී. තවද, සියලුම නිලයන්ට ආශිර්වාද එක්කරමින් කඳවුරු පරිශ්‍රයේ සෙත් පිරිත් සජ්ඣායනයක්ද පවත්වන ලද අතර, සංගීත සන්ධ්‍යාවක් ද පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.