13th March 2026
2026 මාර්තු මස 12 වන දින කෑගල්ල, පුවක්දෙණිය, නිල්වක්ක ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් 572 පාබල බලසේනාවේ උපදෙස් මත 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සාර්ථකව මැඩපැවත්වන ලදී.
එහිදී, භටපිරිස් විසින් ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න අවට ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීම සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.