නාමල් වැව ප්‍රාථමික විදුහලේදී යුද්ධ හමුදා භටපිරිස් විසින් සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වයි

3 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් 2026 මාර්තු 04 වන දින පොළොන්නරුව, නාමල් වැව ප්‍රාථමික විදුහලේ සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා වෛද්‍ය කඳවුරක් එම පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එච්.ඒ.එම්. ප්‍රේමරත්න ndc psc Lsc සහභාගී විය.

එහිදී, ලබාදුන් රුපියල් 1,700,000.00 ක් වටිනා පාසල් උපකරණ සඳහා මූල්‍යමය දායකත්වය ජීවන් ප්‍රසාද් ලියනගේ මහතා විසින් සපයන ලදී. වැඩසටහනට සමගාමීව, වෛද්‍ය නලින් සහ ඔහුගේ වෛද්‍ය කණ්ඩායමේ මඟ පෙන්වීම යටතේ සිසුන්ගේ දෙමාපියන් සඳහා වෛද්‍ය කඳවුරක් පවත්වා උපදේශන සේවා, මූලික වෛද්‍ය පරීක්‍ෂණ සහ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.