7th March 2026
2026 පෙබරවාරි මස 22 වන දින කොළඹ වරාය නගරයේ පැවති Ironman 70.3 Colombo - 2026 තරඟයේදී යුද්ධ හමුදා තුන්ප්‍රයාම කණ්ඩායම විශිෂ්ට දක්ෂතා දක්වමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් යුද්ධ හමුදාවට ගෞරවයක් ගෙන දුන්නේය.
එම තරඟාවලියට කිලෝමීටර් 1.9 ක පිහිනුම් තරඟයක්, කිලෝමීටර් 90 ක පාපැදි තරඟයක් සහ කිලෝමීටර් 21.1 ක අර්ධ මැරතන් ධාවන තරඟයක් යන ඉසව් ඇතුළත් වූහ.
තරඟාවලියට ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 48 ක් නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 388 දෙනෙකු සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තුන්ප්‍රයාම තරඟකරුවන් හතර දෙනෙකු විවෘත කාණ්ඩය යටතේ සහ එක් ක්‍රීඩකයෙකු වයස අවුරුදු 30-34 කාණ්ඩය යටතේ තරඟ කරනු ලැබීය.
තරඟය අතරතුරදී, තරඟකරුවන් 27 දෙනෙකු අතරින් විවෘත අංශයේ පළමු, දෙවන, තෙවන සහ පස්වන ස්ථානයන් යුද්ධ හමුදා ක්‍රීඩකයින් හිමිකර ගත් අතර, වයස අවුරුදු 30-34 කාණ්ඩයේ දී, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 42 දෙනෙකු අතරින් හයවන ස්ථානය හිමිකර ගත්හ.
එමෙන්ම, ලාන්ස් කෝප්රල් එම්.පී.එස්.ආර්. ප්‍රියදර්ශන තරඟකරුවන් 388 දෙනා අතරින් සමස්ත ශ්‍රේණිගත කිරීම්හි 9 වන ස්ථානය හිමිකර ගත්තේය.