යුද්ධ හමුදා භටපිරිස් මන්නාරම ප්‍රදේශයේදී වෛද්‍ය සායනයක් පවත්වයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, 54 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් නානාට්ටන් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සමඟින් එක්ව 2026 මාර්තු මස 04 වන දින මන්නාරම, මඩුක්කරෛයි රජයේ දමිළ මිශ්‍ර පාසලේදී දන්ත සායනයක් සහ බෝ නොවන රෝග සායනයක් පවත්වන ලදී.

මෙම වෛද්‍ය සායනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්. ජූඩ් රවි පචෙල් සහ මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වන ලදී.

එහිදී, මඩුක්කරෛ රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසුන් 220 දෙනෙකු සඳහා දන්ත සෞඛ්‍ය සායනයක් පවත්වා ඔවුන් දැනුවත් කරන ලදී. එමෙන්ම, ගුරුවරුන් 16 දෙනෙකු සහ දෙමාපියන් 60 දෙනෙකු වෙනුවෙන් ද බෝ නොවන රෝග පිළිබඳ සායනයක්ද පවත්වා එහිදී, රුධිර පීඩනය සහ රුධිර සීනි මට්ටම පරීක්‍ෂා කර රෝග අවදානමක් ඇති පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කරන ලදී.

මෙම අවස්ථාවට 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී. අබේකෝන් RWP RSP USP ndc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පතිතුමන්, ගුරුවරුන්, සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.