6th March 2026
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති අතිපූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ 59 වන ජන්ම සංවත්සරයට සමගාමීව 2026 පෙබරවාරි මස 28 වන දින ආරණ්‍ය සේනාසනයේදී කොළඹ කාන්තා සංවිධානය සහ සුප්‍රීම් මාධ්‍ය ආයතනය සමඟ එක්ව ‘ජන සුව යාත්‍රා’ සමාජ සුභසාධන වැඩසටහනක් පවත්වන ලදී.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපතිතුමන්ගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර RWP RSP ndu psc සහභාගී විය.
වැඩසටහනනේදී දිඹුලාගල ප්‍රදේශයේ ජනතාව සඳහා වෛද්‍ය සායනයක් සහ ප්‍රජා සුභසාධන වැඩසටහන් කිහිපයක් පැවැත්වූ අතර, එහිදී අක්ෂි සහ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් ඇතුළු මෙරට වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද වෛද්‍ය සායනය මගින් උපදේශන සහ ප්‍රථිකාර ලබා දෙන ලදී.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, මහවැලි අධිකාරියේ නිලධාරීන්, සුරේඛා ගාඩිනර් මහත්මිය සහ කොළඹ කාන්තා සංවිධානයේ නියෝජිතයින්, එම ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ භාරකාර මණ්ඩල සාමාජිකයින්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.