12 වන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය - 2026 සාර්ථකව අවසන්

ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද 12 වන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය - 2026, චීනයේ ටියැන්ජින් හිදී 2026 පෙබරවාරි මස 06 දින සිට 08 දින දක්වා පැවැත්විණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ යුද්ධ හමුදා මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත දක්‍ෂතා පෙන්නුම් කළහ:

2(ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එම්.ආර්. විජේසූරිය ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ජාතික ගෘහස්ථ වාර්තාවක් පිහිටුවමින් මීටර් 3000 ඉසව්වෙන් 6 වන ස්ථානය හිමිකර ගත්තේය.

2(ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කෝප්‍රල් කේ.ඒ.පී. මල්ෂාන් තුන් පිම්ම ඉසව්වෙන් 5 වන ස්ථානය හිමිකර ගත් අතර, ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ජාතික ගෘහස්ථ වාර්තාවක් ද පිහිටුවීය.

යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු USP ගේ අධීක්‍ෂණය යටතේ එම ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

ඡායාරූප අනුග්‍රහය: (Ceylon Athletics)