යුද්ධ හමුදා භටපිරිස් පරගහදෙනිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට සහාය ලබාදෙයි

මාවතගම, පරගහදෙනිය ප්‍රදේශයේ හිස්වැසුම් සහ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කරන පුද්ගලික කර්මාන්ත ශාලාවක 2026 පෙබරවාරි මස 10 වන දින ගින්නක් ඇති විය.

එහිදී, ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් එම ගින්න පාලනය කිරීමට සහ හානි වැළැක්වීම සඳහා කුරුණෑගල සහ මහනුවර ප්‍රදේශයන්හි ගිනි නිවීමේ ඒකකයන් වෙත සහාය ලබාදෙන ලදී.

එමෙන්ම, එම ඒකකයේ භටපිරිස් විසින් ගින්න පැතිරීම වැළැක්වීම සඳහා යාබද ගොඩනැගිල්ලක ගබඩා කර ඇති ප්ලාස්ටික් ද්‍රව්‍ය ඉවත්කිරීමට මෙන්ම ප්‍රදේශය ආරක්‍ෂා කිරීමට, සිවිල් වැසියන් කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළුවීම වැළැක්වීමට සහ අවට රථවාහන තදබදය අවම කිරීමට මාවතගම පොලිසියට සහය ලබා දෙන ලදී.

කුරුණෑගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහ මාවතගම ප්‍රාදේශීය ලේකම් විසින් භටපිරිස් සහ අනෙකුත් නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.