5th February 2026
ජාතික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික ගෘහස්ථ ඔරු පැදීමේ තරඟාවලිය - 2026, දියවන්නා ඔය පරිශ්‍රයේදී 2026 ජනවාරි මස 30 දින සිට 31 දින දක්වා පැවැත්විණි.
යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්.පී.එස්. ප්‍රසාද් RWP RSP USPගේ නායකත්වය යටතේ තරඟ වැදුණු යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිමි විවෘත අංශයේ අනුශූරතාවය සහ කාන්තා විවෘත අංශයේ ශූරතාවය හිමිකර ගත්හ.
ජයග්‍රහණයන් පහත පරිදි වේ:
පිරිමි කණ්ඩායම
රන් පදක්කම් - 01
රිදී පදක්කම් - 02
ලෝකඩ පදක්කම් - 02
කාන්තා කණ්ඩායම
රන් පදක්කම් - 02
රිදී පදක්කම් - 01
ලෝකඩ පදක්කම් - 01
මිශ්‍ර මීටර් 500 × 4 ඉසව්ව
රන් පදක්කම - 01
වයස අවුරුදු 23 න් පහළ පිරිමි කාණ්ඩය
රිදී පදක්කම් - 01
ලෝකඩ පදක්කම් - 01