යුද්ධ හමුදා අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පුහුණු වැඩසටහනක් පවත්වයි

යුද්ධ හමුදා අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සියලුම නිලයන් සඳහා ‘උපායමාර්ගික පුහුණු වැඩපිළිවෙළ හරහා අභ්‍යන්තර නිරීක්‍ෂණ කටයුතු ශක්තිමත් කිරීම‘ යන මැයෙන් දින දෙකක පුහුණු වැඩසටහනක් 2026 ජනවාරි මස 22 දින සිට 23 දින දක්වා හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

එහිදී, නවමයෙන් පනවන ලද විගණනය සම්බන්ධ නීති, 2024 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, අවදානම් මත පදනම් වූ විගණන ක්‍රමවේදවලට මාරුවීම සහ විගණන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳව අවධානය යොමු කරන ලදී.

මෙම පුහුණු වැඩසටහන යුද්ධ හමුදා අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ කර්නල් ආර්.එම් බාලසූරිය USP, ප්‍රධාන අභ්‍යන්තර විගණක (සිවිල්) සුමිත් ජේ. කුමාර මහතා, මාණ්ඩලික නිලධාරී I (විගණන කළමනාකරණ) මේජර් ජී.ඩී.කේ.ජේ දිසානායක සහ මාණ්ඩලික නිලධාරී I (විගණන) මේජර් ආර්.ඒ.ඩී.පී විජයසේන විසින් මෙහෙයවන ලදී.