විශ්‍රාම දිවියට එලඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ඉංජිනේරු බලකායේ ගෞරවාචාරය

නුදුරේදී විශ්‍රාම දිවියට එලඹෙන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අයත් මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc වෙත හමුදා ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2026 ජනවාරි මස 18 වන දින සංවිධානය කරන ලදී.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. අනතුරුව, තේ පැන් සංග්‍රහයක් සහ හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වන ලද අතර, එම රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc විසින් විශ්‍රාම දිවියට එලඹෙන එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය අගය කරමින් සමුගැනීමේ දේශනය සිදුකරන ලදී.

ඉන් අනතුරු, මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc විසින් තම යුද්ධ හමුදා දිවිය තුලදී එම බලකායේ බලකාධිපති, සියලුම නිලයන් සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කළේය.