20th January 2026
වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 11 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.ඩී සමරසේකර RSP USP ndc psc, 2026 ජනවාරි මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විස්තරය පහත පරිදි වෙයි:
1992 ජූලි මස 24 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 38 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ජේ.ඩී සමරසේකර RSP USP ndc psc දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1994 අප්‍රේල් මස 09 දින කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජූලි මස 31 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 ජනවාරි මස 26 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට 11 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති ධූරය හෙබවීය.
විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ චාලි කණ්ඩායම් භාර නිලධාරී, 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්රාවෝ කණ්ඩායම් භාර නිලධාරී, 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඇල්ෆා කණ්ඩායම් භාර නිලධාරී, 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කොළඹ ස්ථාපිත ගුවන් යානා පැහැරගැනීම් සහ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ කණ්ඩායමේ අණදෙන නිලධාරී, 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ බුද්ධි නිලධාරී, 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්රාවෝ කණ්ඩායම් භාර නිලධාරී, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ උපදේශක, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ කණ්ඩායම් භාර නිලධාරී (ක්‍රියාන්විත රාජකාරි), කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ උපදේශක, 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඩෙල්ටා කණ්ඩායම් නිලධාරී අණදෙන, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී II (පරිපාලනය), 56 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (ක්‍රියාන්විත), කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පුහුණු අංශ නිලධාරී අණදෙන, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පැරෂුට් පුහුණු අංශ නිලධාරී අණදෙන, 5 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ක්‍රියාන්විත සහ පුහුණු නිලධාරී, හිටපු හමුදාධිපති ජෙනරල් ජේ ජයසූරිය (විශ්‍රාමික) RWP VSV USP ndu psc ගේ සහකාර පුද්ගලික ආරක්ෂක නිලධාරී, 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ Shift Chief, ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), 11 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත) සහ සම්බන්ධීකරණ, හිටපු හමුදාධිපති ජෙනරල් ආර් එම් ඩී රත්නායක (විශ්‍රාමික) WWV RWP RSP VSV USP ndu psc ගේ සහ ජෙනරල් A W J C ද සිල්වා (විශ්‍රාමික) RWP VSV USP ndu psc ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරී, 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වැනි ධූරයන් රැසක් හොබවන ලදී.
එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත සහ පුහුණු), කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ වැඩබලන නියෝජ්‍ය සේනාවිධායක, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පැරෂුට් පුහුණු අංශයේ ප්‍රධාන උපදේශක, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්යක්ෂ මණ්ඩලයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක, 583 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායක සහ වැඩබලන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ක්‍රියාන්විත, 11 පාබල සේනාංකයේ නියෝජ්‍ය සහ වැඩබලන සේනාංකාධිපති වැනි ධූරයන් ද හොබවන ලදී.
එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ ශූර පදක්කම පදක්කමෙන් සහ උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලැබීය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී මූලික කමාන්ඩෝ පාඨමාලාව, උසස් කමාන්ඩෝ පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරීන්ගේ පාඨමාලව, ඒකක බුද්ධි සහ ආරක්ෂක පාඨමාලාව, Sky Diving පාඨමාලාව, සන්නද්ධ ගැටුම් නීතිය පිළිබඳ පාඨමාලාව, Jump Master පුහුණු පාඨමාලාව, කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පුහුණු පාඨමාලාව, හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, නිරීක්ෂක සහ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, ජාතික ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව වැනි දේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.
එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් Ghatak පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරී පාබල පාඨමාලාව - බංග්ලාදේශය, මූලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, කැරලි මර්දන සහ කැලෑ බද සංග්‍රාමික පුහුණු පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, Jump Master and Airborne Operations පාඨමාලාව - පාකිස්ථානය, ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව වැනි විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.
තවද, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉන්දියාවේ දේවි අහිල්යා විශ්ව විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආරක්ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් සහ ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් හිමි කර ගෙන ඇත.