19th January 2026
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ 41 වන සංවත්සරය වෙනුවෙන් 2026 ජනවාරි මස 14 වන දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.
සංවත්සර දිනයේදී, යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.එල්.අයි කරුණානායක RWP RSP ndc වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. සංවත්සර සැමරුමට සමගාමීව, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සහ දානමය පිංකමක් ද පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට එම පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී විය.