13th January 2026
‘නිකසල පුරයක් - සුවබර දිවියක්’ යන තේමාව යටතේ පවත්වනු ලබන ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, යුද්ධ හමුදා භටපිරිස් විසින් 2026 ජනවාරි මස 07 දින සිට 09 දින දක්වා 56 වන පාබල සේනාංක බලප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්ගේ උපදෙස් යටතේ අදාළ රාජ්‍ය නිලධාරීන් සමඟ එක්ව ඩෙංගු මර්දන වැඩසටහන් පවත්වන ලදී.
ඒ අනුව, 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ, 561 වන පාබල බලසේනාවේ, 10 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 16 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි සහභාගීත්වයෙන් එම ඩෙංගු මර්ධන කටයුතු සිදුකරනු ලැබීය. එහිදී, පාලිනගර් ප්‍රදේශයේ පොදු ස්ථාන පිරිසිදු කිරීම, කොල්ලවිලන්කුලම් සහ කරප්පුක්කුත්ති යන ප්‍රදේශයන්හි පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම සහ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා A9 ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමීටර 7 ක පමණ දුරක් පිරිසිදු කරන ලදී.
තවද, 563 පාබල බලසේනාවේ, 7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් සහභාගීත්වයෙන්ද 2026 ජනවාරි මස 07 වන දින සිට 09 වන දින දක්වා සනීපාරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී මාමඩුව සහ බෝගස්වැව රෝහල් පරිශ්‍රයන්හි රැස්ව ඇති අපවිත්‍ර ජලය ඉවත් කිරීම, ඕමන්තෛයි පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සහ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීම සඳහා මාර්ග දෙපස පිරිසිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.
මේ අතර, 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 562 පාබල බලසේනාව විසින් 2026 ජනවාරි මස 07 දින සිට 09 දින දක්වා කාලය තුළ ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.
562 පාබල බලසේනාවේ, 17 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 12 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි සහභාගීත්වයෙන් මදුරුවන් බෝවිය හැකි ස්ථාන අවම කිරීම සඳහා පම්පෙමඩු ප්‍රදේශයේ පිහිටි වරෝද් ආබාධිත පුද්ගලයන් සඳහා වූ නිවස්නය, භාරතී පාසල, සින්නවලයන් කඩ්ඩු පාසල, විලත්තිකුලම් පාසල සහ ප්‍රසන්කුලම් මර්නිල පෙර පාසල යන ස්ථාන පිරිසිදු කරන ලදී.
එම ඩෙංගු මර්දන වැඩසටහන 562 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එම්.පී.යූ. දිසානායක RSP USP IG ගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී.