12th January 2026
22 වන පාබල සේනාංකයේ 34 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එම්.කේ.ජී.කේ වීරසේකර WWV RWP RSP USP AUSWC psc 2026 ජනවාරි මස 05 වන දින ත්‍රිකුණාමලය එම සේනාංක මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
22 පාබල සේනාංක පරිශ්‍රය වෙත පැමිණි නව සේනාංකාධිපති වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. ඉන් පසුව, නව සේනාංකාධිපති භටපිරිස් ඇමතූ අතර, එහිදී එම සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් තම ඉදිරි දැක්ම සහ අනාගත සංවර්ධනය හා මෙහෙයුම් සූදානම පිළිබඳ පැහැදිලි කළේය.
උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර, එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.