9th January 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 07 වන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් ජී.ඩී.ජේ.සී ප්‍රේමතිලක USP psc ndc, 2026 ජනවාරි මස 07 වන දින එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
ධූරයේ රාජකාරින් භාරගනු ලැබූ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම එම අධ්යක්ෂ මණ්ඩලයේ සියලු නිලයන් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදාවේ අනාගත මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා පර්යේෂණ, සංකල්පීය සංවර්ධනය සහ මූලධර්ම සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
එම අවස්ථාවට එම අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.