8th January 2026
යුද්ධ හමුදා භටපිරිස් විසින් 2026 ජනවාරි මස 03 දින අටඹගස්කඩ, ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී එම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව 56 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 8 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ.යූ.ඒ සෝලංගආරච්චි RSP ndc psc ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රදේශ වාසීන් ද සහභාගී වූහ.