ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව ඇලහැර අමුණ නැවත විවෘත කරයි

මෑතකදී රට තුළ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල වශයෙන් හානි සිදු වූ ඓතිහාසික ඇලහැර අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු යුද්ධ හමුදාව, මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සිදුකරන ලද අතර, ප්‍රතිසංස්කරණය කරන ලද එම අමුණ 2025 දෙසැම්බර් මස 30 වන දින නිල වශයෙන් විවෘත කරන ලදී.

යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලද අතර, එම ව්‍යාපෘතියට සම්බන්ධ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් වැසියන්ගේ සෞඛ්‍යය තත්ත්වය සොයා බැලීම සඳහා යුද්ධ හමුදා වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් ද පත් කරන ලදී.

එම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු ටී.බී සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඊ.එම්.ඩී.එස් ඒකනායක මහතා සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc සහභාගී වූහ.