8th January 2026
යුද්ධ හමුදා භටපිරිස් විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට මෑතකදී බලපෑ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් 100 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී.
අතිපූජ්‍ය ඇටඹගස්කඩ ශ්‍රී කල්‍යාණතිස්ස අභිදාන මහා නායක ස්වාමීන් වහන්සේගේ අනුග්‍රාහකත්වයෙන් සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහයෝගය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සහ 59 වන පාබල සේනාංකයේ මඟ පෙන්වීම යටතේ 591 වන පාබල බලසේනාව සහ 12 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන පවත්වන ලදී.
මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.