5th January 2026
දිඹුලාගල, මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි මනම්පිටිය සිංහල මහා විද්‍යාලය සහ මනම්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා භට පිරිස් විසින් 2026 ජනවාරි මස 03 දින පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රහක දායකත්වය හොරණ අශෝක ඉංග්‍රීසි මාධ්‍ය පාසල විසින් ලබා දෙන ලදී.
හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය ආචාර්ය ලබුගම නාරද හිමි, 12 බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරී මේජර් ඒ.සී.ඩබ්ලිව් ගුණසේකර RSP ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන්, අශෝක ඉංග්‍රීසි මාධ්‍ය පාසලේ කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.