යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ, යුද්ධ හමුදා භට පිරිස් විසින් 2026 ජනවාරි මස 05 දින ශ්‍රී පාද මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කරන ලදී.
මෙම ව්‍යාපෘතිය 2025 දෙසැම්බර් මස11 දින ආරම්භ කරන ලද අතර, සියලුම ඉදිකිරීම් ද්‍රව්‍ය “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ සපයන ලදී. භට පිරිස් විසින් අඩි 300ක් දිග මිලිමීටර් 300ක අතුරු බැම්මක්, අඩි 90ක් දිග මිලිමීටර් 500ක අතුරු බැම්මක් සහ ආරක්ෂිත බැම්මක් ඉදිකිරීම නිම කරන ලදී. ඊට අමතරව, වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සහතික කරමින්, මාර්ගය දිගයේ අත්වැල් සවි කිරීම සාර්ථකව නිම කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භට පිරිස් ඇතුළු භට පිරිස් නල්ලතන්නියේ සිට අලුත් වැඩියා සිදු කරන ස්ථානය වෙත ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අතර, ඒ සඳහා යුද්ධ හමුදා රෙජිමේන්තු කිහිපයක දෛනිකව සහාය ලබා දෙන ලදී. මෙම ඉදිකිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද සිය සහයෝගය ලබා දුන්හ.