අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර (විශ්‍රාමික) RWP RSP දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර (විශ්‍රාමික) RWP RSP අවමංගල්‍ය උත්සවය 2026 ජනවාරි මස 04 දින කැලණිය, සේපාල ආදාහනාගාරයේදී හමුදා සම්ප්‍රදායනුකූල පූර්ණ හමුදා ගෞරව සහිතව පවත්වන ලදී.

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිහට අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ විශ්‍රාමික නිලධාරීන් රැසක් සහභාගී වූහ.

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර (විශ්‍රාමික) RWP RSP සිය දීර්ඝ හා ගෞරවනීය හමුදා සේවා කාලය තුළ සිදු කළ විශිෂ්ට සේවය සහ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවය සහ කෘතඥතාවය මෙම අවමංගල්‍ය උත්සවයෙන් පිළිබිඹු විය.

අවමංගල්‍ය උත්සවයේදී කියවන ලද I කොටසේ නියෝගය පහත දැක්වේ: