3rd January 2026
දුරුතු පොහොය දිනය නිමිත්තෙන් පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ආගමික වැඩසටහනකට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2026 ජනවාරි මස 03 දින සහභාගී විය.
සන්නද්ධ හමුදාවන්ට ආශීර්වාද ප්‍රාර්ථනා කිරීමට සහ මව්බිම වෙනුවෙන් උත්තරීතර ජීවිත පරිත්‍යාග කළ විරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කරවීම අරමුණු කරගෙන මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවෙහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් දානමය පිංකමකට සහ මහා සංඝරත්නය විසින් පවත්වනු ලැබූ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ද එක් විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම RWP RSP USP ndc psc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රදේශයේ බැතිමතුන් විශාල පිරිසක් ආගමික වතාවත් සඳහා සහභාගී වූහ.