අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් අයි.එච්.එස්. විජේසේන (විශ්‍රාමික)ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් අයි.එච්.එස්. විජේසේන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ අවමංගල්‍ය උත්සවය 2026 ජනවාරි මස 02 දින පුස්සැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

හමුදා සම්ප්‍රදායානුකූලව භට පිරිස් දේහය පිළිගෙන සුසාන භූමියේ ප්‍රධාන දොරටුව අසලදී උපහාර දැක්වූ අතර, පසුව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය භටපිරිස් විසින් කාතුගැල මත අභිමානවත් අයුරින් තැන්පත් කරන ලදී.

අවමංගල්‍ය පෙරහැර සුසාන භූමියේ ප්‍රධාන දොරටුවට ළඟා වූ පසු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් විසින් දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් යුද්ධ හමුදා නිලධාරින් සහ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවේගයට පත් පවුලේ සාමාජිකයන් ද පැමිණියහ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I, අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලදී. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පිරිනැමිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් සංකේතාත්මක කාලතුවක්කු වෙඩි මුර ආචාරය පවත්වන ලදී.

හිරු නැගෙන මොහොතේදීත් හිරු බැස යන මොහොතේදීත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ එම අවස්ථාවේදී වාදනය කිරීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ආදාහනාගාරය වෙත රැගෙන යන ලදී.

ඉන්පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී. අබේකෝන් RWP RSP USP ndc සමඟ එක්ව, අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් අයි.එච්.එස් විජේසේන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පවුලේ සාමාජිකයන් සහ අනෙකුත් ශෝකයට පත් වූවන් පැමිණ සිටියහ.

I කොටසේ නියෝගය පහත දැක්වේ: