2nd January 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු නිලයන් විසින් තම දිනක වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කරන ලදි.
ඒ් අනුව ත්‍රිවිධ හමුදාව විසින් පරිත්‍යාග කරන ලද මුදල් ප්‍රමාණය රුපියල් 372,776,918.28කි.
යුද්ධ හමුදාධිපති මේජර් ජනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් රුපියල් මිලියන 250ක් ද, නාවික හමුදාධිපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ RSP USP ndu psc විසින් රුපියල් 73,963,879.71ක්ද, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ WWV, RWP, RSP and three Bars, USP, fndu(China), psc, qhi විසින් රුපියල් 48,813,038.97ක්ද වශයෙන්, එම මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතා වෙත 2025 දෙසම්බර් මස 31 ජනාධිපති ලේකම් කාර්යාලයේදි පිළිගැන්වූහ.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and two Bars, RSP and Bar, USP, MMSc (Strat Stu-China),MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc එක් විය.
(ඡායාරූප අනුග්‍රාහය :- www.defence.lk )