31st December 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා චර්යාධර්ම සංග්‍රහයේ විද්‍යුත් පිටපත යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී 2025 දෙසැම්බර් මස 31 වන දින එළිදක්වන ලදී. සියලුම නිලයන් අතර ආයතනික ලැදියාව, සදාචාරාත්මක විනය සහ වෘත්තීය වගවීම ශක්තිමත් කිරීම සඳහා යුද්ධ හමුදාවේ කැපවීමේ කොටසක් ලෙස යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය. උත්සවයේ අරමුණ සහ වැදගත්කම පිළිබඳ හඳුන්වා දෙමින් උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර, මෙම චර්යාධර්ම සංග්‍රහය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම සාමාජිකයින් සඳහා මාර්ගෝපදේශයක් ලෙස කටයුතු කරන බවත්, විද්‍යුත් පිටපත මඟින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ආයතනය තුළ වඩාත් පුළුල් ප්‍රවේශයක් ලබා දීමටත්, අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වන නිලධාරීන් ඇතුළු සියලු දෙනාටම කාර්යක්‍ෂමව බෙදා හැරීමටත් හැකියාව ලැබේ.
ඉන්පසුව, යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ කාර්යභාරය සහ වගකීම් සහ චර්යාධර්ම සංග්‍රහයේ ආයතනික අදාළත්වය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී. එමගින් යුද්ධ හමුදාවේ පාලන විධික්‍රම සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් චර්යාධර්ම පද්ධතියේ විද්‍යුත් පිටපත නිල වශයෙන් එළිදැක්වීම මෙහි ප්‍රධානතම අරමුණ විය.
විද්‍යුත් පිටපත නිල වශයෙන් එළිදැක්වීමෙන් පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් රැස්ව සිටි පිරිස අමතමින්, චර්යාධර්ම සංග්‍රහයේ දක්වා ඇති වටිනාකම් ආරක්‍ෂා කිරීමේදී පුද්ගලික වගකීම සහ නායකත්වයේ වැදගත්කම ඉස්මතු කරමින් මෙම චර්යාධර්ම අනුගමනය කිරීම යනු හුදෙක් නීතිරීතිවලට අවනත වීම පමණක් නොව එය මහජන විශ්වාසය, මෙහෙයුම් විශ්වාසනීයත්වය සහ යුද්ධ හමුදාවේ දිගුකාලීන ආයතනික ශක්තිය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය මූලික පදනමක් වන බවත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.