පනාගොඩදී පවත්වනු ලැබූ ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලාවන් සාර්ථකව අවසන්

පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස උපදේශක පුහුණු පාසලේදී පවත්වනු ලැබූ ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලාවන්හි විසිර යාමේ උත්සවය 2025 දෙසැම්බර් මස 19 වන දින පවත්වනු ලැබීය.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.ආර්.ඒ.සී විජේසේකර RSP ctf-ndu USACGSC සහභාගි විය.

එහිදී, නිලධාරි සහකාර ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලා අංක 20 හදාරන ලද නිලධාරින් 19 දෙනෙකු, උසස් ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලා අංක 50 හදාරන ලද උපදේශකයින් 12 දෙනෙකු, සහකාර ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලා අංක 135 හදාරන ලද සෙසුනිලයන් 132 දෙනෙකු සහ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 04 පාඨමාලාවේ උපදේශකයින් 36 දෙනෙකු ඇතුළුව 199 දෙනෙකු පාඨමාලාවන් සාර්ථකව නිම කර විසිර යනු ලැබීය.

එම පාඨමාලාවන්හි සෑම අතින්ම අතිශූර ශිෂ්‍යයාට හිමි කුසලානයන් හිමිකර ගත් සිසුන් පහත සඳහන් පරිදි වෙයි

1 වන බලඇණිය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කපිතන් එච්.එල්.ටී කාවින්ද - සහකාර ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලා අංක 20

1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩී.ඒ.එස් මධුෂාන් - උසස් ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලා අංක 50

4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එස්.ඩී මැණික් අතුල - සහකාර ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලා අංක 135 (කාන්තා)

3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එච්.ජේ.ටී.එස් වීරවර්ධන - සහකාර ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලා අංක 135 (පිරිමි)

උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.