ශ්‍රී පාද මාර්ගයේ මහගිරිදඹෙහි හානියට පත් පඩිපෙළ අලුත්වැඩියා කිරීමට යුද්ධ හමුදාවේ සහාය

දිට්වා සුළි කුණාටුවෙන් පසු, මහගිරිදඹ හරහා ශ්‍රී පාදස්ථානයට පිවිසෙන ප්‍රධාන මාර්ගය නායයෑම් හේතුවෙන් බැතිමතුන්ට එම මහගිරිදඹෙහි පඩිපෙළ මාර්ගය අනාරක්‍ෂිත විය. එම නිසා 2025 දෙසැම්බර් මස 04 වන දින ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වුවද, මෙම මාර්ග කොටසේ ගමන් ගන්නා වන්දනාකරුවන්ට විශාල වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත, එම වන්දනාකරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් හානියට පත් පඩිපෙළ ශක්තිමත්ව නැවත අළුත්වැඩියා කිරීමට යුද්ධ හමුදා භටපිරිස් පියවර ගන්නා ලදී. ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ මූලික අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් පවතින අතර, ඒ අනුව යුද්ධ හමුදා භටපිරිස් මාර්ගයේ ඉහළ කොටස් දක්වා අත්‍යවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය රැගෙන යාමට කටයුතු කරණු ලබයි.