18th December 2025
අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතාවලිය - 2025 පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් මස 10 දින සිට 12 දින දක්වා පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස භඨකාර්ය සම්පාදන අඥාපති - මධ්‍යම සහ යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්.ඩී සලේ සහභාගි විය.
එහිදී, හිමිකර ගන්නා ලද ජයග්‍රහණයන් පහත පරිදි වේ:
• දක්‍ෂතම පිරිමි ක්‍රීඩකයා - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබළ කේ.එච්.වී දෙව්මිත්
• දක්‍ෂතම කාන්තා ක්‍රීඩිකාව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ආධුනික කාන්තා සෙබළ ඩබ්ලිව්.එම්.එස්.එම්. විජේසුන්දර
කනිෂ්ඨ ශූරතාව (පිරිමි)
• ශූරතාවය - ගැමුණු හේවා බලකාය
• අනුශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය
කනිෂ්ඨ ශූරතාව (කාන්තා)
• ශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය
• අනුශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
ජ්‍යෙෂ්ඨ ශූරතාව (පිරිමි)
• ශූරතාවය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
• අනුශූරතාවය - ශ්‍රී ලංකා පාබල හමුදාව
ජ්‍යෙෂ්ඨ ශූරතාවය (කාන්තා)
• ශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය
• අනුශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
සමස්ත ශූරතාව (පිරිමි)
• ශූරතාවය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය (සම ශූරයන්)
• අනුශූරතාවය - ගැමුණු හේවා බලකාය
සමස්ත ශූරතාව (කාන්තා)
• ශූරයන් - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය
• අනුශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය