17th December 2025
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලා අංක - 19 හි උපාධි ප්රදානෝත්සවය 2025 දෙසැම්බර් මස 16 දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර, එම උත්සව අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ද සහභාගි විය.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහභාගි වූවාය.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි ගරු අග්‍රාමාත්‍යතුමියව ආරක්ෂක ලේකම්තුමන් ඇතුළු යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හමුදාධිපතිතුමන්, ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ඇතුළු පිරිස විසින් පිළිගැනීමෙන් අනතුරුව එතුමියව ශ්‍රවණාගාරය වෙත කැටුව ඒමෙන් පසුව උත්සවයේ කටයුතු ආරම්භ විය.
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක - 19 සඳහා විදේශීය නිලධාරින් 26 දෙනෙකු, යුද්ධ හමුදා නිලධාරින් 74දෙනෙකු, නාවික හමුදා නිලධාරින් 25 දෙනෙකු සහ ගුවන් හමුදා නිලධාරින් 24 දෙනෙකු ඇතුළුව උපාධි අපේක්ෂක නිලධාරින් 149 දෙනෙකු සහභාගි වූහ. කීර්තිමත් විද්වතුන් සහ ආරාධිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති පාඨමාලාවේ අවසන් දින උත්සවයේ දී එම උපාධිධාරි නිලධාරින් වෙත ‘පීඑස්සී’ උපාධිය පිරිනැමීම සිදු විය.
මෙම උපාධි ප්‍රදානෝත්සවයට රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සහ අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරින්, උපාධිදාරි නිලධාරින්ගේ භාර්යාවන්, දෙමාපියන් සහ ළඟම ඥාතීන් ද සහභාගී වූහ.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පාඨමාලාවේ දක්ෂතා දැක්වූ නිලධාරින් වෙත විශේෂ සම්මාන ප්රදානය කළ අතර, එම අවස්ථාවට ආරක්ෂක ලේකම්තුමන් සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ද එක්ව සිටියහ.
විශේෂ සම්මාන
‘GOLDEN OWL’ සම්මානය
යුද්ධ හමුදා අංශය
මේජර් ආර්.ඒ.එල් පෙරේරා - ශ්‍රී ලංකා පාබල හමුදාව
නාවික හමුදා අංශය
කමාන්ඩර් එච්.පී.යු.එම්.කේ හේවාසිංහ - ශ්‍රී ලංකා නාවික හමුදාව
ගුවන් හමුදා අංශය
බලඝණ නායක එස්.ඒ.අයි.එන් සුබසිංහ - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සේනාවිධායකතුමන්ගේ ගෞරව සම්මානය
යුද්ධ හමුදා අංශය
මේජර් ආර්.ඒ.එල් පෙරේරා - ශ්‍රී ලංකා පාබල හමුදාව
නාවික හමුදා අංශය
කමාන්ඩර් එච්.පී.යු.එම්.කේ හේවාසිංහ - ශ්‍රී ලංකා නාවික හමුදාව
ගුවන් හමුදා අංශය
බලඝණ නායක එස්.ඒ.අයි.එන්. සුබසිංහ - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
‘GOLDEN PEN’ සම්මානය
ලුතිනන් කමාන්ඩර් එස්.එන්.ඩබ්ලිව්.ඒ.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර - ශ්‍රී ලංකා නාවික හමුදාව
(ඡායාරූප අනුග්‍රහය: www.defence.lk)