ඉන්දු-ලංකා මිත්‍රශීලී කබඩි තරඟාවලිය පවත්වයි

ඉන්දු-ලංකා ද්විපාර්ශ්වික ක්‍රීඩා දක්ෂතා ප්‍රවර්ධනය කිරීමේ කොටසක් ලෙස, ඉන්දීය යුද්ධ හමුදා කබඩි කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කබඩි කණ්ඩායම අතර මිත්‍රශීලී කබඩි තරඟාවලියක් 2025 දෙසැම්බර් මස 02 දින සහ 04 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දෙසැම්බර් මස 02 දින පැවති සමාරම්භක තරඟයේදී ඉන්දීය යුද්ධ හමුදා කබඩි කණ්ඩායම ලකුණු 59 ක් ලබා ගනිමින් ලකුණු 29 ක් ලබා ගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කබඩි කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් අතර, දෙසැම්බර් මස 04 දින පැවති දෙවන තරඟයේදී ඉන්දිය කණ්ඩායම ලකුණු 59 ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම විසින් ලකුණු 27 ක් ලබා ගන්නා ලදී.