3rd December 2025
2025 නොවැම්බර් මස 03 දින සිට පානාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවති යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය 2025 නොවැම්බර් මස 06 දින සාර්ථකව අවසන් විය. රෙජිමේන්තු 14 කින් ක්රීඩක ක්රීඩිකාවන් 182 දෙනෙකු මෙම තරඟාවලියේ විවිධ කාණ්ඩ යටතේ තරඟ වැදුණි.
සමාප්ති උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස උපකරණ මාස්ටර් ජෙනරාල්, ශ්රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති සහ ශ්රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. එම්. එස්. එන්. විජේකෝන් ndc AATO සහභාගී විය.
ශූරතාවලියේ ජයග්රහණයන් පහත පරිදිවේ
පිරිමි කාණ්ඩය:
• ශූරතාවය: ශ්රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව.
• අනුශූරතාවය: ගැමුණු හේවා බලකාය.
• තෙවන ස්ථානය: ශ්රී ලංකා යුධෝපකරණ බලකාය.
කාන්තා කාණ්ඩය:
• ශූරතාව: ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය.
• අනුශූරතාවය: ශ්රී ලංකා ඉංජිනේරු සේවා බලකාය.
• තෙවන ස්ථානය: ශ්රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය.
ආධුනික පිරිමි ජූඩෝ තරඟාවලිය:
• ශූරතාවය: ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුව.
• අනුශූරතාවය: ශ්රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය / ශ්රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව.
• තෙවන ස්ථානය: ගැමුණු හේවා බලකාය.