2nd December 2025
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc, 2025 දෙසැම්බර් මස 02 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
1991 නොවැම්බර් මස 17 දින කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 9 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1993 නොවැම්බර් මස 22 දින කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකාය වෙත අනුයුක්ත කරන ලදී. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජනවාරි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 දෙසැම්බර් මස 05 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති ධූරය හා යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති තනතුර හෙබවීය.
විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ බුද්ධි නිලධාරි,17 පාබල බලසේනාවේ බුද්ධි නිලධාරි, ස්වාධීන බුද්ධි අංශයේ බුද්ධි නිලධාරි, 22 පාබල සේනාංක මූලස්ථානයේ බුද්ධි අංශ කණ්ඩායමේ අණදෙන නිලධාරි, 112 පාබල බලසේනාවේ බුද්ධි නිලධාරි, කොළඹ මෙහෙයුම් ආඥාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි අණදෙන (පාලන), යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, 2 වන සන්නද්ධ බුද්ධි බලකාය දෙවන අණදෙන නිලධාරි, 1 වන සන්නද්ධ බුද්ධි බලකාය කාර්යයේ නියුක්ත අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ බුද්ධි නිලධාරි, 1 වන සන්නද්ධ බුද්ධි බලකාය අණදෙන නිලධාරි වැනි ධූරයන් රැසක් හොබවන ලදී.
එමෙන්ම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ආරක්‍ෂක අමාත්‍යාංශ ප්‍රධාන ජාතික බුද්ධි කාර්යාලයේ විදේශ බුද්ධි සම්බන්ධීකාරක, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පළමු ආරක්‍ෂක ලේකම්, යුද්ධ හමුදා මූලස්ථාන බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ආරක්‍ෂක), යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා පුහුණු පාසලේ කාර්යයේ නියුක්ත අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථාන බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (බුද්ධි), මූලස්ථානය, 23 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථාන පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පුහුණු සංකල්ප සහ අධීක්‍ෂණ අංශයේ බ්‍රිගේඩියර් (සංකල්ප සහ අධීක්ෂණ), යුද්ධ හමුදා මූලස්ථාන පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති වැනි ධූරයන් ද හොබවන ලදී.
එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ ශුර පදක්කමෙන් හා උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලැබීය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ජාතික ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව, මූලික බුද්ධි පාඨමාලාව - බංග්ලාදේශය, උසස් බුද්ධි මාණ්ඩලික නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ හමුදා ප්‍රේරණ පුහුණු පාඨමාලාව - හයිටි, එක්සත් රාජධානියේ පුහුණු පාඨමාලාව - එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ සිවිල් ආරක්‍ෂාව පිළිබඳ පාඨමාලාව - පාකිස්ථානය, ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව පුහුණුකරුවන් පුහුණු කිරීමේ පාඨමාලාව - ඕස්ට්‍රේලියාව, ත්‍රස්තවාදයට එරෙහි සයිබර් ආරක්‍ෂාව සහ ජාත්‍යන්තර අපරාධ පිළිබඳ පාඨමාලා - ඉන්දියාව, ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව - ඉන්දියාව සහ ජාත්‍යන්තර ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව - නෙදර්ලන්තය (Erasmus University) ඇතුළු දේශිය සහ විදේශීය පාඨමාලාවන් රැසක් හදාරන ලදී.
එමෙන්ම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ඉන්දියාවේ චෙන්නායි හි ඉන්දියානු කළමනාකරණ සහ තාක්‍ෂණ ආයතනයේ මානව සම්පත් කළමනාකරණය සහ පිරිස් පාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කලා උපාධිය (ආරක්‍ෂක අධ්‍යයන), ශ්‍රී ලංකාවේ කුසලතා සංවර්ධන අරමුදල් සමාගමේ ව්‍යාපාර ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව සහ ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව ආදී අධ්‍යාපනික සුදුසුකම්ද සපුරාලන ලදී.