1st December 2025
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, ජ්‍යෙෂ්ඨ හමුදා, පොලිස් සහ රජයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් 2025 දෙසැම්බර් මස 01 දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එහිදී, පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව සහ එම තත්ත්වයන්ගෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයන්හි සිදුකරන ආපදා සහන සේවා මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු විය.