30th November 2025
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලබන සහන සේවා මෙහෙයුම් කටයුතු වල ප්‍රගතිය සොයා බැලීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 නොවැම්බර් මස 30 දින සවස යුද්ධ හමුදා මූලස්ථානයේදී ක්ෂේත්‍ර අණදෙන නිලධාරින් සමඟින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එහිදී එතුමන් ආපදා සහන සේවා මෙහෙයුම් අඛණ්ඩව සහ විධිමත්ම සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.