30th November 2025
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 නොවැම්බර් මස 29 වන දින වැල්ලම්පිටිය, රාජසිංහ විද්‍යාලයේ ස්ථාපිත හදිසි ආරක්‍ෂක මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ අතර, එහිදී එතුමන් ආපදාවට පත් ප්‍රජාවගේ සුභසාධනය සහ ප්‍රදේශයේ සිදුවෙමින් පවතින ආපදා සහන සේවා මෙහෙයුම් පිළිබඳව සොයා බැලීය.
නිරීක්‍ෂණ සංචාරය අතරතුර, යුද්ධ හමුදාධිපතිතුමන් එම මධ්‍යස්ථානයේ රුදී සිටින අවතැන් වූ පිරිස් සමඟ කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ අවශ්‍යතා, සෞඛ්‍ය ගැටළු සහ සුභසාධනය පිළිබඳව විමසීය.