29th November 2025
ශ්‍රී ලංකා සාම සාධක භටපිරිස් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් පැවැත්වීම සඳහා සිදුකරන ලද ආරාධනයකට අනුව, ජර්මානු සන්නද්ධ හමුදාවට අයත් නිලධාරින් සත් දෙනෙකුගෙන් යුත් පූර්ව නිරීක්ෂණ කණ්ඩායමක්, 2025 නොවැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය.
ජර්මානු ගුවන් හමුදාවේ කපිතාන් නිල්ස් නොර්විග්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම 2025 නොවැම්බර් මස 27 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශීය මෙහෙයුම් අධ්යක්ෂ කාර්යාලයට පැමිණි අතර පසුව, එම ජර්මානු නියෝජිත පිරිස විදේශීය මෙහෙයුම් අධ්යක්ෂ බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී මාපලගම psc, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී ජයතිලක RSP USP, යුද්ධ හමුදා යුද පුහුණු ඉංජිනේරු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.සී.එස් ජාගොඩ psc සහ කර්නල් විදේශීය මෙහෙයුම් කර්නල් කේ.ඒ.පී කරවිට RSP USP ඇතුළු මෙරට යුද්ධ හමුදා නිලධාරින් සමඟින් පුහුණු වැඩමුළුව පිළිබඳව මූලික සාකච්ඡාවන් පැවැත්වූහ.
මෙම නියෝජිත පිරිස මෙරට රැඳී සිටින කාලය තුළ හමුදා පුහුණු ආයතන කිහිපයක නිරීක්ෂ සංචාරයේ යෙදීමට නියමිතය.